අනුරාධපුර ෙඑතිහාසික අවුකන බුද්ධ ප්‍රතිමාවට සිවුරක් පැළඳවීම සම්න්ධයෙන් කලාප භාර පුරවිද්‍ය නිලධාරීන්ගේ ස්ථානීය පරික්ෂා වාර්තාවන්ට අනුව බුද්ධ ප්‍රතිමාවට හෝ ඒ අවට පුරා විද්‍යා සාධකවලට හානියක් සිදුව නොමැති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ මහත්මිය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙනුයේ මේ පිළිබඳ අවුකන රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ගෙන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගත් බවයි.
ඒ අනුව මෙම සිද්ධිය අනවබෝධය මත සිදු වූ කටයුත්තක් බව උන්වහන්සේ පිළිගෙන ඇත.
මින් ඉදිරියට මෙවැනි ක්‍රියා සිදු කරන්නේ නම් අනිවර්යයෙන් පුරාවිද්‍ය අධ්යක්ෂ ජනරාල්ගේ පුර්ව ලිඛිත අවසරයක් ලබා ගත යුතු බවත් එසේ නොවුනහොත් නීති මගින් කටයුතු සිදු කර බවද දෙපර්තමේන්තුව දැනුම් දී ඇත.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහත දැක්වේ.
පුරාවිද්_යා දෙපාර්තමේන්තුව - මාධ්_ය නිවේදනය