චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින හඳුනා නොගත් නියුමෝනියා රෝග ව්‍යාප්තිය ඉක්මනින්ම යුරෝපයටත් පැතිරීමේ අවදානමක් තිබෙන බවට ලිතුවේනියා විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විශේෂඥවරියක වන වෙරෝනිකා මටුටේට් අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලන්ඩන්, පැරිස්, ෆ්‍රැන්ක්ෆර්ට් සහ ඇම්ස්ටර්ඩෑම් වැනි යුරෝපයේ ප්‍රධාන නගර 4 එම රෝග ව්‍යාප්තියට බෙහෙවින් නිරාවරණය වී ඇතැයි ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.
මීට වසර තුනකට පෙර කොවිඩ් වසංගතයේ ආරම්භයට සහ එය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වූ ආකාරයට බෙහෙවින් සමාන මේ රෝගී තත්ත්වය හේතුවෙන් යුරෝපය තුළ බියක් පැතිරී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුළුල් වශයෙන් ගෝලීය සංචාරක සම්බන්ධතා ඇති ඉහත කී නගර ප්‍රමාණයෙන් විශාල වීමත්, ජනාකීර්ණ වීමත් සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරිය මේ අනතුරු ඇඟවීම සිදු කර තිබේ. පසුගිය සතියේදී නෙදර්ලන්තයේ අවුරුදු 5-14 අතර වයස් සීමාවේ පසුවන දරුවන් ලක්ෂයක් අතුරින් 80 දෙනකුට ශ්වසන ආබාධ ඇති බව හෙළි වී තිබෙන අතර, ඇම්ස්ටර්ඩෑම් නගරයේ දැනටමත් නියුමෝනියා රෝග තත්ත්වය ඉහළ ගොස් ඇතැයි ද
වාර්තා වේ.