Home » මේ වසරේ වැඩිම පිරිසක් නැරඹූ විකිපීඩියා පිටුව ‘ChatGPT’

මේ වසරේ වැඩිම පිරිසක් නැරඹූ විකිපීඩියා පිටුව ‘ChatGPT’

මිලියන 38.1ක් පරිශීලනය කළ 2023 ලෝක කුසලාන පිටුව තුන්වැනි තැනට

by gayan
December 7, 2023 1:00 am 0 comment

අන්තර්ජාල විශ්වකෝෂය ලෙස හඳුන්වනු ලබන ‘විකිපීඩියා‘ වෙබ් අඩවියේ මේ වසරේ වැඩිම පිරිසක් සැරි සැරූ පිටුව කෘත්‍රිම බුද්ධිය මඟින් පරිශීලකයා සමඟ ඕනෑම භාෂාවකින් සංවාදයක නිරතවීමේ අවස්ථාව සලසා ඇති ChatGPT පිටුව බව විකිපීඩියා හිමිකරුවන් වන විකිපීඩියා පදනම නිවේදනය කර ඇතැයි වාර්තා වේ. මේ වසරේ වැඩිම පිරිසක් නැරඹූ විකිපීඩියා පිටු 25 නිවේදනය කරමින් එම පදනමේ ප්‍රධාන සන්නිවේදන නිලධාරීනිය අනූෂා අලිඛාන් ප්‍රකාශ කර ඇත්තේ නවීන තාක්ෂණය පරිශීලනය කිරීමට ජනතාවට ඇති උනන්දුව එමඟින් පිළිබිඹු වන බවය.

ලාභ නොලබන ආයතනයක් ලෙස පවත්වාගෙන යන විකිපීඩියා වෙබ් අඩවිය මේ වසරේදී බිලියන 84ක පිරිසක් පරිශීලනය කර ඇති අතර, මිලියන 49.4ක් නැරඹූ ChatGPT පිටුව වැඩිම පිරිසක් පරිශීලනය කළ පිටුව බවට පත් වී තිබේ.

මිලියන 42.6ක් නැරැඹූ මේ වසරේ මරණ වාර්තාව ඇතුළත් විකිපීඩියා පිටුව දෙවැනි තැනට පත් වී ඇති අතර, මිලියන 38.1ක් නැරැඹූ පසුගිය එක්දින ලෝක කුසලාන තොරතුරු ඇතුළත් විකිපීඩියා පිටුව තුන්වැනි තැනට පත් වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

එම ලැයිස්තුවේ සිවුවැනි තැනට පත් වී ඇත්තේ මිලියන 32ක් නැරඹූ අයිපීඑල් තරගාවලි පිටුව බවත් වාර්තා වේ. ක්‍රිකට් ලෝක කුසලාන විකිපීඩියා පිටුව මිලියන 25.9ක් නරඹා ඇති අතර, එය 6 වැනි තැනට පත්වී ඇති අතර, මේ වසරේ අයිපීඑල් පිටුව 9 වැනි තැනට පත්වී ඇත්තේ මිලියන 20.9ක පිරිසක් නැරඹූ පිටුව බවට පත් වෙමිනි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT