බදුල්ල විහාරගොඩ ප්‍රදේශයේ දී පෙරේදා (05) රාත්‍රී රුපියල් කෝටි 03කට වාලම්පුරියක් විකිණීමට තැත්කළ බව කියන පුද්ගලයෙකු විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරු 38 හැවිරිදි වියේ පසුවන අංක 02, ග්‍රීන්ලෙන් ඩ්‍රයිව් පාර, බදුල්ල ලිපිනයේ පදිංචි අයෙක් බවත් පොලිසිය පවසයි. මෙම සැකකරු විසින් වාලම්පුරියක් අලෙවි කිරීමට සූදානම් වන බවට නුවරඑළිය විශේෂ බළකා කඳවුරේ නිලධාරීන් හට බුද්ධි තොරතුරක් ලැබී ඇත. ඒ අනුව එය මිලදී ගැනීමට අවශ්‍ය බව පවසා උපාය දූතයෙකු යොදවා මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී අත්අඩංගුවට ගත් වාලම්පුරිය තෙල්බැද්ද වත්ත ප්‍රදේශයේ කෝවිලක තිබූ එකක් බවට කරුණු අනාවරණය වී ඇති බවත් පොලිසිය පවසයි.
මෙම සැකකරු බදුල්ල පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇති අතර, මේ පිළිබඳව බදුල්ල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.එම්. රත්නායක මහතා පවසයි.
බදුල්ල නිශාන්ත
අබේගුණවර්ධන
සොරණාතොට සමුහ සී.ගමගේ