Home » වැලිගම පොලිසියේ PCලා දෙදෙනාට පහරදුන් බීමත් සෙබළා කොටු වෙයි

වැලිගම පොලිසියේ PCලා දෙදෙනාට පහරදුන් බීමත් සෙබළා කොටු වෙයි

by gayan
December 7, 2023 1:00 am 0 comment

වැලිගම පොල්අතුමෝදර දුම්රිය හරස් මාර්ගය අසල රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් බීමත් රියැදුරෙක් වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් පෙරේදා (05) සවස අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම බීමත් රියැදුරු මුලතිව් වඩ්වුවාක කඳවුරේ සේවයේ නිරත හමුදා කෝප්‍රල්වරයකු බව විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෙම සෙබළාගෙන් පහරකා තුවාල ලැබූ වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටින පොලිස් කොස්තාපල් ශාන්ත (84775) නමැති නිලධාරියා වලාන දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගෙන ඇති 33 හැවිරිදි හමුදා සෙබළා බීමතින් කුඩා ලොරි රථයක් දෙණිපිටිය ප්‍රදේශයේ සිට පොල්අතුමෝදර දෙසට පදවාගෙන යමින් සිට ඇත. පොල්අතුමෝදර දුම්රිය හරස් මාර්ගයේ රාජකාරියේ නිරතව සිටි වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් වන ජේ.එම්.ඒ. ශාන්ත හා කේ.එස් ගිම්හාන් යන නිලධාරීන් දෙදෙනා විසින් එම ලොරි රථය පරීක්ෂා කර ඇත්තේ රියැදුරුගේ හැසිරීම සම්බන්ධයෙන් වූ සැකයක් මතය. රියැදුරු බීමතින් සිටින බව අනාවරණය වී ඇත්තේ එහිදීය. ඒ අනුව රියැදුරුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී ඔහු පොලිස් නිලධාරීන්ට අතින් පයින් පහරදී ඇති බව පොලිසිය කියයි.

මෙම සෙබළා අකුරැස්ස පරදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඒ වන විට ඔහු සිට ඇත්තේ නිවාඩු ලැබ බව පොලිසිය කියයි.

මෙම සෙබළාව පසුව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. රාජකාරියට බාධා කර පොලිස් නිලධාරීන්ට පහරදීම සහ බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. සැකකරු කොටවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

ගයාන් කුමාර වීරසිංහ, වැලිගම – අබේවික්‍රම ගුණරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT