Home » හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

හිටපු යුද හමුදා සාමාජිකයෙකුට මරණ දඬුවම

by chanaka
December 7, 2023 8:51 am 0 comment

මන්නාරම,පරප්පුකන්ඩාල් යුද හමුදා කඳවුර තුළ දී 2009 ඔක්තෝම්බර් 02 වැනිදා යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ තවත් යුද හමුදා සාමාජිකයෙකුට ඊයේ (06) මන්නාරම මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර තිබේ.

මරණය දණ්ඩනය නියම වු හිටපු යුද හමුදා සාමාජිකයා විසින් පෞද්ගලික ආරවුලක් මත යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට වෙඩි තබා තිබු අතර, ඉන් දෙදෙනෙකු මරණයට පත්ව,තවත් අයෙකු තුවාල ලබා තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන්වන නඩු විභාගය මන්නාරම, මුරුන්කන් පොලීසිය හරහා ගොනුකොට තිබු අතර, නඩු විභාගයෙන් අනතුරුව ඝාතනයෙන් වසර 14 වසරකට පසුව සැකකරු වෙත එලෙස මරණ දණ්ඩනය නියම කර ඇත.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්. එම්. එම්. මිහාල් මහතා විසින් එම තීන්දුව ලබාදුන්නේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT