දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතු අතරතුර සොයා ගන්නා ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ මහා සෑ රදුන්ගේ තැන්පත් කෙරෙන චූඩා මාණික්‍යය, දිවයින පුරා වැඩමවීමේ මහඟු පිංකම මේ වනවිට රුවන්පුරය ආවරණය කරමින් ඓතිහාසික සිද්ධස්ථාන වෙත වැඩම කරවමින් සිටී. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ දීඝවාපී මහ සෑ රදුන්ගේ චූඩා මාණික්‍යය ප්‍රදර්ශනය, පසුගිය 30 දින, කැලණිය රජමහා විහාරයෙන් ආරම්භ කරනු ලැබූ අතර, පුරා දින 150ක කාලයක් දිවයින පුරා බැතිමතුන්ගේ වන්දනාමානයට වැඩම කිරීමට නියමිතය.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා සහ චූඩා මාණික්‍යය, දෙසැම්බර් 05දා උදෑසන සිට 07දා උදෑසන දක්වා ඇඹිලිපිටිය, කාවන්තිස්ස රජමහා විහාරයේදීත්, 07දා සිට 10දා උදෑසන දක්වා කොළොන්න, නවනැලිය ශ්‍රී බෝධිරාජාරාමය විහාරයේදීත්, 10දා උදෑසන සිට 13දා උදෑසන දක්වා සංඛපාල විහාරයේදීත්, 13දා උදෑසන සිට 16දා උදෑසන දක්වා ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා විහාර ටැම්පිට විහාරයේදීත් බැතිමතුන්ගේ වන්දනාමානය සඳහා ප්‍රදර්ශනය කෙරෙන අතර, එය සියැසින් දැක වන්දනා කර කුසල් උපදවා ගැනීමටත්, දීඝවාපිය මහා සෑ රදුන්ගේ ප්‍රතිසංස්කරණ කටයුතුවලට දායක වීමටත් සැදැහැ සිතැති ලක්වාසී ජනතාවට අවස්ථාව සැලසෙනු ඇත.
රක්ෂණ ශ්‍රියන්ත