Saturday, May 10, 2025
Home » ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමිට අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය

ඉඟුරුවත්තේ පියනන්ද මහනාහිමිට අග්ගමහා පණ්ඩිත ගෞරව නාමය

by gayan
December 7, 2023 1:00 am 0 comment

කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානය හා රත්නපුර ලෙල්ලෝපිටිය රුවන්පුර විපස්සනා භාවනා මධ්‍යස්ථානය යන උභය මධ්‍යස්ථානාධිපති, ශ්‍රී ලංකා අමරපුර ශ්වේජින් මහා නිකායේ මහානායක, ඉඟුරුවත්තේ පියනන්ද මාහිමියන්ට මියන්මාර් ජනරජය වෙතින් ‘අග්ගමහා පණ්ඩිත’ යන ගෞරව නාමය ප්‍රදානය කරන ලදි. මීට අදාළ අක්තපත්‍රය නිල වශයෙන් ශ්‍රී ලංකාවේදී පිළිගැන්වීම ඉකුත් 02දා කඳුබොඩ සියනෑ ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී අති උත්සවාකාරයෙන් සිදු කරන ලදි.

එහිදී ඉඟුරුවත්තේ පියනන්ද මාහිමියෝ කඳුබොඩ මංසන්ධියේ සිට එම භාවනා මධ්‍යස්ථානය වෙත දර්ශනීය පෙරහරකින් වැඩම කරවූහ. මෙහිදී අග්ගමහා පණ්ඩිත ගෞරව නාමයෙන් පිදුම් ලැබූ මහානායක ඉඟුරුවත්තේ පියනන්ද මාහිමියන් වෙත අක්කපත්‍රය පිළිගැන්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින්ද, විජිනිපත පිළිගැන්වීම ශ්‍රී ලංකාවේ මියර්මාර් තානාපති හන් තු මහතා අතින්ද, අටපිරිකර පූජා කිරීම බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා අතින්ද සිදු කෙරිණි.

මේ පුණ්‍යෝත්සවය ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක සහ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මාහිමියන්ගේ හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර, අනුනාහිමිවරුන් හා නාහිමිවරුන් ඇතුළු සංඝරත්නය ද, දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමැති සිසිර ජයකොඩි හා පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරු ද ගිහි පැවිදි විශාල පිරිසක් ද මේ අවස්ථාවට එක් වූහ.

මල්වාන සමූහ, මහර සමූහ සහ දෙල්ගොඩ සමූහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT