රාගම, තේවත්ත ප්‍රදේශයේ නිෙවසක් අසලින් ගොඩගත්තේ යැයි කියන පුරාවස්තු කැණීමකින් ලබා ගත් මැණික් බව කියන පාෂාණ කොටස් පහක් ළඟ තබා ගත්තේ යැයි කියන කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ දේවාලයක කපුවකු ඇතුළු පුද්ගලයන් හත් දෙනකු සහ කාන්තාවක ලබන (18 ) දින දක්වා රිමාන්ඩ් කිරීමට මහර මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඒ.ඩබ්ලිව්. චන්ද්‍ර කීර්ති, ඩබ්ලිව්.ඒ. සජිත් නිලංග, ඒ.ඩබ්ලිව්. මල්ෂ එරංග, කේ.එච්.එම්. සිසිර කුමාර, කේ.එම්. පැතුම් නිලංග, එම්.ඒ.මෙත්තානන්ද, එච්.ඩබ්ලිව්. උෂාර සඳකැළුම් රන්දෙණිය, එම්.ඒ.ශානිකා නිමාශනී යන අය එසේ රිමාන්ඩ් කිරීමට නියම කෙරිණි.
කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත විමර්ශන කටයුතු සිදු කර සැකකරුවන් සහ සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
කඩවත පොලිසියේ සැරයන් (49998) බාලසූරිය මහතා වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් මෙම සිද්ධියට සම්බන්ධ කාන්තාවක සිය මවගේ අසනීප තත්ත්වයක් නිසා ප්‍රතිකාර ලබා ගැනීමට කඩවත, සූරියපාළුව ප්‍රදේශයේ දේවාලයක කපුවකු වෙත පැමිණ ඇති අතර, එම නිෙවසේ නිධානයක් ඇති බවත් එය ගොඩ නොගන්නේ නම් විවිධ කරදරවලට මුහුණ පෑමට සිදු වන බවත් එම කපුවා පවසා තිබේ.
පසුව මේ සඳහා අවශ්‍ය රුපියල් ලක්ෂ 22ක පමණ මුදල රාගම, තේවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිස විසින් ඔවුන්ගේ ඉඩම් ඔප්පු සහ වාහන උකස් කර සොයා ගෙන එම මුදල් අදාළ කපුවාට ලබාදී එම නිධානය ගොඩ ගැනීමට සූදානම් කර ඇත. අනතුරුව අදාළ ව්‍යාජ මැණික් ගල් සහිත නිධානය එම නිෙවසේ නිවැසියන් නොමැති අවස්ථාවේ කපුවකු විසින් වළ දමා ඇති බව සැරයන්වරයා පැවසීය.
පසුව එහි තිබී ගොඩගත් ව්‍යාජ මැණික් ගල් සහිත අදාළ කෙණ්ඩිය කඩා එහි තිබූ මැණික් ගල් ව්‍යාජව සැකසූ පාෂාණ කොටස් සහිත පිත්තල පාත්‍රයක් තුළට අදාළ මැණික් ගල් පහ තබා ඒවායේ දොස් ඉවත් කිරීමට පුද පූජා පවත්වමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. අදාළ මැණික් ගල් පිළිබඳව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් වාර්තාවක් ලබා ගැනීමට යොමු කළ බව සැරයන්වරයා වැඩිදුරටත් පැවසීය.
මහර සමූහ – ගණිදු රෝචන සමරතුංග