Home » IMF දෙවැනි වාරිකය තව සතියකින්

IMF දෙවැනි වාරිකය තව සතියකින්

විධායක රැස්වීම 12දා තිබ්බොත් ණය වාරිකය එදාම

by gayan
December 7, 2023 1:00 am 0 comment

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය සතියක් ඇතුළත මෙරටට ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

චීනය, ඉන්දියාව, ජපානය සහ ප්‍රංශය යන රටවල් නිල වශයෙන් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට එකඟතාව පළ කර ඇතැයි ද හෙතෙම කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මීළඟ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීම එළැඹෙන 12 වැනිදා පැවතුණහොත් 12 වැනිදාම දෙවන ණය වාරිකය මෙරටට ලැබෙන බව මුදල් විෂයභාර රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළ බව ද කැබිනට් ප්‍රකාශකවරයා කියා සිටියේය.

දෙවැනි වාරිකය හිමි නොවන බවට මෙන්ම ණය ප්‍රතිව්‍යුහගතකරණයට රටවල් එකඟ නොවන බවට පසුගිය මාස 02 තුළ ඇතැමකු මතයක් ගෙන ගිය බව පැවැසූ ඒ මහතා අනිවාර්යයෙන්ම දෙවැනි වාරිකය මෙරටට හිමි වන බව ද ඒ අනුව ඉහත කී මතය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බව ද පැවැසීය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT