Saturday, May 10, 2025
Home » මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ නඩුවෙන් හිටපු DIG නාලක සිල්වා නිදහස්

මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණ නඩුවෙන් හිටපු DIG නාලක සිල්වා නිදහස්

by gayan
December 7, 2023 1:00 am 0 comment

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ පොලිස් අධිකාරිවරයකු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ සිද්ධියට අදාළව ඇප මත සිටින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා එම නඩුවෙන් නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (06) නියෝග කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් නඩුව විවෘත අධිකරණයේ කැඳවූ අවස්ථාවේදී නාලක සිල්වා මහතාට එරෙහිව සාක්ෂි ඉදිරිපත් වී නැති බැවින් ඔහු නිදහස් කරන ලෙස නීතිපතිවරයා උපදෙස් දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඇප මත මුදාහැර ඇති සැකකාර නාලක සිල්වා මහතා නඩුව කැඳවන අවස්ථාවේදී විවෘත අධිකරණයේ පෙනී සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇප මත මුදාහැර ඇති ත්‍රස්ත විමර්ශන අංශය භාරව කටයුතු කළ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට සහ පාතාල නායක මාකඳුරේ මධුෂ්ට එරෙහිව නඩුව ගොනු කර ඇත.පාතාල නායක මාකඳුරේ මධුෂ් පොලිස් අත්අඩංගුවේ සිටියදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් මියගොස් ඇත.දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා සිදු කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන සිදු කර අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් නඩුව ගොනු කර ඇත.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT