Home » මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර 100 යි

මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට වසර 100 යි

by yasara
December 7, 2023 3:52 pm 0 comment

මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ස්ථාපිත කර සියවසක් සපිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම අද (07) සිදු කෙරුණි.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන් ගේ ප්‍රධානත්වයෙන් උත්සවය අම්පිටිය ගෝල්ඩන් ක්‍රවුන් හෝටලයේ දී පැවැත් විණි.

රුපියල් 25 ක වටිනාකමින් යුත් මුද්දරය හා මුල්දින කවරය තැපැල් දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් මධ්‍යම පළාත් අණ්ඩුකාරවරයා ඇතුළු පිරිසකට පිළිගන්වනු ලැබීය.

කඳුකරයේ වාසය කරන වතු කම්කරුවන්ගේ සුබසාධනය ඉලක්ක කර ගනිමින් 1923 දී එක් නිලධාරියෙකු ගෙන් යුක්තව සුබසාධන මධ්‍යස්ථානයක් ලෙස ආරම්භ වී මහනුවර කාර්යාලය ජවහර්ලාල් නේරු ඉන්දීය අගමැතිරයාගේ පැමිණීමත් සමඟ ඉන්දීය තානාපති කාර්යාලයක් බවට පත්ව තිබේ.

සියවස් සැමරුම්  ලාංඡනයක් ද  මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මගින් එළිදක්වා ඇත.

මෙයට සමගාමීව පේරාදෙණිය විශ්වවිද්‍යාලීය ප්‍රධාන පුස්තකාලයේ  ඉන්දියානු තොරතුරු පියස (India Corner)  විවෘත කිරීම ද ඉන්දීය මහ කොමසාරිස්වරයා ගේ සහ  උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණි.

මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර එම්.මුසම්මිල්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී වේළු කුමාර්, මහනුවර සහකාර ඉන්දීය මහ කොමසාරිස් වෛද්‍ය අතීරා. එස්, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් අජිත් ප්‍රේමවංශ,වැදිනායක ඌරුවරිගේ වන්නියලෑ ඇත්තෝ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT