Saturday, May 10, 2025
Home » ආර්ථික විද්‍යා­ඥ­යන්ගේ සංග­මයේ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍ර­ණය කොළ­ඹදී

ආර්ථික විද්‍යා­ඥ­යන්ගේ සංග­මයේ ජාත්‍ය­න්තර සම්ම­න්ත්‍ර­ණය කොළ­ඹදී

by Gayan Abeykoon
December 7, 2023 1:00 am 0 comment

ජයසිරි මුණසිංහ

ශ්‍රී ලංකා ආර්ථික විද්‍යාඥයන්ගේ සංගමයේ 35 වැනි වාර්ෂික ජාත්‍යන්තර සම්මන්ත්‍රණය ඊයේ (08) සහ අද (09) කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවිජන පර්යේෂණ සහ පුහුණු ආයතනයේදී පැවැත්වේ.

මෙරට ආර්ථික පුනර්ජීවනය සඳහා කෘෂිකර්මාන්තයේ පරිනාමය මැයෙන් මේ සම්මන්ත්‍රණය පැවැත්වෙන බව එම සංගමයේ සභාපති, මහාචාර්ය විජිතපුරේ විමලරතන නාහිමියෝ පැවැසූහ. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ මෙලෙස ද පැවැසූහ. “කෘෂිකර්මාන්තයේ සංවර්ධනය කෙසේ සිදු කළ යුතු දැයි මැයෙන් අපේ සංගමයේ ආර්ථික විද්‍යාඥයන් ප්‍රධාන විද්වතුන් විසින් සිදු කළ පර්යේෂණ වාර්තා 24ක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කරනවා. 2025දී මෙරට කර්මාන්ත අංශය දියුණු කරන ආකාරයත්, 2026දී මෙරට සේවා අංශය දියුණු කරන ආකාරයත් සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා.”

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර, ලෝක බැකුවේ ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම ආර්ථික විද්‍යාඥ ජෝන් කීසර් මහත්වරුන් මේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස එක්ව සිටි අතර, ගෞරවනීය ආරාධිතයා වූයේ සීමාසහිත සණස රක්ෂණ සමාගමේ සභාපති පී. ඒ. කිරිවන්දෙණිය මහතාය.

මේ සම්මන්ත්‍රණයේ කතිකා කරන මෙරට කෘෂිකර්මාන්තයේ නවීකරණය සඳහා වූ යෝජනා සහ වැඩපිළිවෙළ ඉදිරියේදී සාරවත් ග්‍රන්ථයක් ලෙස එළි දැක්වේ. එය මෙරට ප්‍රතිපත්ති සම්පාදකයන්ට, විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරුන්ට සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවට කටයුතු කරන පිරිසට පරිශීලනය කර ප්‍රායෝගික කෘෂිකර්මාන්තයක් ඇති කිරීමට භාවිත කළ හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT