Saturday, May 10, 2025
Home » ගාලු කොටුව බලන්න එන සංචාරකයන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ

ගාලු කොටුව බලන්න එන සංචාරකයන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ

ඇමැති විදුර වික්‍රමනායක

by gayan
December 7, 2023 1:00 am 0 comment

ගාලු කොටුව නැරඹීමට එන සංචාරකයන්ගෙන් කිසිදු මුදලක් අය කර නොගන්නා බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික ඇමැති විදුර වික්‍රමනායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06) ප්‍රකාශ කෙළේය.

බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සංස්කෘතික කටයුතු ඇමැතිවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද පැවසීය.

මුදල් අයකර ගන්නේ කෞතුකාගාර සහ වෙනත් සුවිශේෂී ස්ථාන නැරඹීමට එන සංචාරකයන්ගෙන් පමණයි. එසේ මුදල් අයකර ගන්නේද නඩත්තු කටයුතු සඳහායි.

ගාලු කොටුව අද බරපතළ අර්බුදයකට ගිහින් තිබෙනවා. අද වෙන විට කොටු පවුර සම්පූර්ණයෙන්ම නාය යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මේ සඳහා මුදල් අවශ්‍යයි. නමුත් ඇතුල් වෙන අයගෙන් හෝ හෝටල්වල නේවාසිකව සිටින අයගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT