Home » සංචාරකයන් මිලියන 2.5ක් 2024 වසරේ ගෙන්වා ගන්නවා

සංචාරකයන් මිලියන 2.5ක් 2024 වසරේ ගෙන්වා ගන්නවා

ඇමැති හරීන් ප්‍රනාන්දු

by gayan
December 7, 2023 1:00 am 0 comment

සංචාරකයන් මිලියන 2.5ක් 2024 වසරේ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු වැඩපිළිවෙළ සකස් කරන බව සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

සංචාරක, ඉඩම්, බුද්ධ ශාසන, සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මේ බව පැවසීය.

ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

මේ වර්ෂයේ සංචාරකයන්ගේ පැමිණීමේ ඉලක්කය මිලියන 1.5ක් වන අතර සංචාරකයන් මිලියන 1.3ක් මේ වන විට රටට පැමිණ තිබෙනවා. කසකස්තානයේ සිට සතියකට 4 වතාවක් පැමිණෙන ගුවන් යානයක් අද ආරම්භ කළා. ලංකාවට විදේශිකයන් පැමිණීම දැන් වැඩි වෙලා තිබෙනවා. ජනාධිපති මැඳුරේ ස්විමින් ෆූල් එකට වෙලා නාන, මැඳුර විනාශ කරන ඒවා තමයි ලෝකයට පසුගිය කාලයේ පෙන්නුවේ. එමඟින් ලෝකයට ගිය පණිවුඩය නරක එකක්.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT