Home » දෙස්-විදෙස් සංචාරකයන්ට නැරඹිය හැකි තැන් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි

දෙස්-විදෙස් සංචාරකයන්ට නැරඹිය හැකි තැන් ප්‍රසිද්ධියට පත් කළ යුතුයි

-විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය

by gayan
December 7, 2023 1:00 am 0 comment

දෙස් – විදෙස් සියලු සංචාරකයන්ට නැරඹිය හැකි රට තුළ තිබෙන අප්‍රකට සුන්දර ස්ථාන සම්බන්ධයෙන් සොයා බලා එම ස්ථානයන් ප්‍රසිද්ධියට පත්කිරීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව විදේශ කටයුතු රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

සංචාරක, බුද්ධ ශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ඇමැතිවරයා මෙසේ ද පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුණු නොවුණු ප්‍රදේශ තියෙනවා. ලංකාවේ හැම පැත්තක්ම ලස්සනයි. නමුත් සංචාරකයෝ තෝරා ගත් පිරිසකට විතරයි යන්නේ. මාතලේ රිවස්ටන් වගේ ගත් විට ඒ සංචාරක ප්‍රදේශ තවත් අපිට වැඩිදියුණු කළ හැකියි. කෑගල්ල අරණායක, බුලත්කොහුපිටිය, මේ ප්‍රදේශ කොච්චර ලස්සන වුවත් සංචාරකයින් යන්නෙ නැහැ. සංචාරක අමාත්‍යාංශයේ තරුණ ඇමැතිවරයෙක් ඉන්නේ. එතුමාට මේක තනියම කරන්න බැහැ. අනිත් අමාත්‍යාංශ සහාය දෙන්න ඕනෑ. සංචාරක ක්ෂේත්‍රය ගත්තොත් කොවිඩ්වලින් පසුව පසුගිය වසරේ විශාල පිරිසක් ලංකාවට ඇවිත් තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT