Saturday, May 10, 2025
Home » යහපාලන ආණ්ඩු කාලයේ ආරම්භ කර වැඩ අවසන් කර නැති ආගමික ස්ථානවල වැඩ අවසන් කරන්න

යහපාලන ආණ්ඩු කාලයේ ආරම්භ කර වැඩ අවසන් කර නැති ආගමික ස්ථානවල වැඩ අවසන් කරන්න

මන්ත්‍රී හර්ෂණ රාජකරුණා

by gayan
December 7, 2023 1:00 am 0 comment

යහපාලන ආණ්ඩු කාලයේ ආරම්භ කර වැඩ අවසන් කර නොමැති ආගමික ස්ථානවල වැඩ අවසන් කිරීමට ආණ්ඩුව පියවර ගත යුතු යැයි සමඟි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06) පැවසීය.

සංචාරක, බුද්ධ ශාසන හා සංස්කෘතික අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය.

සංස්කෘතික අරමුදල ගැන විපක්ෂ නායකවරයාට කළ චෝදනා බැලුවම කනගාටුයි. ඇත්තටම අපි සතුටු වෙනවා එතුමා සංස්කෘතික කටයුතු ඇමැති ලෙස සිදු කළ සේවය ගැන. රට පුරා ස්ථාපිත බොහෝ ආගමික මධ්‍යස්ථාන සංවර්ධනයට විපක්ෂ නායකවරයා කටයුතු කළා. ඒ ඒ අවශ්‍ය භෞතික සම්පත් සංවර්ධනයන් සිදු කළා. ඒක බුද්ධ ශාසනයට පන්සල්වලට පමණක් නොවෙයි පල්ලිවලට වගේම අනෙකුත් ආගමික ස්ථාන සියල්ලටම දැවැන්ත මුදලක් වෙන් කළා. පාස්කු ප්‍රහාරයෙන් පසුව එම පල්ලි සංවර්ධනය කරන්න අවශ්‍ය මුදල ලබා දුන්නේ සංස්කෘතික අරමුදලෙන් සජිත් ප්‍රේමදාස මහතා. ඒ ගැන කාදිනල්තුමත් ස්තූතිවන්ත කළා. සංවර්ධනය බාගෙට කළ ආගමික මධ්‍යස්ථාන තිබෙනවා. ඒවා අවසන් කරන ලෙසට මම ඇමැතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT