සමාජය යහමඟට යොමු කරනුවස් මිහිරි ස්වරයෙන් යුගාසන කාව්‍යමය ධර්ම දේශනයක් පසුගිය 03 වැනිදා නාඋල අරංගල සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
පස්වරු හයට ආරම්භ වූ මෙම කාව්‍යමය ධර්ම දේශනය පවත්වනු ලැබුවේ බිංගිරිය ධම්මපාලි මෙහෙණි අසපුවෙහි වැඩවසන නිවුන් සොහොයුරන් වන ගණේමුල්ල දීපා ධම්මපාලි හා ගණේමුල්ල ප්‍රදීපා ධම්මපාලි මෙහෙණින් වහන්සේලා විසිනි. සුමිහිරි කාව්‍ය ගායනයෙන් රැස්ව සිටි පිරිස් හි බුද්ධාලම්භන ප්‍රීතිය ඇති කරමින් මවු ගුණ ගැයුණු මෙම ධර්ම දේශනය පැයක් පුරා පැවැති අතර, ඒ සඳහා විශාල පිරිසක් ද එක්ව සිටියහ.
‘ගම පුබුදන සදහම් චාරිකා’ යන තේමාව යටතේ පැවැති මෙම කාව්‍යමය ධර්ම දේශනය නාඋල පොලිසියේ විශ්‍රමික පොලිස් සැරයන් දයානන්ද මහතා සහ අළුගොල්ල ලහිරු කන්ට්‍රක්ෂන්හි අධිපති ධර්මරත්න මහතා ඇතුළු පවුලේ සැම විසින් සංවිධාන කර තිබිණි.
මෙම අවස්ථාව සඳහා අරංගල සිරි අරහන්ත පබ්බතාරාමාධිපති හා උතුරු මාතලේ ප්‍රධාන සංඝනායක පෙනලබොඩ සෝමානන්ද ස්වාමීන් වහන්සේ ද වැඩම කළහ.
නාඋල සමූහ