Saturday, May 10, 2025
Home » යාපනේ සිසුවකුට රන් පදක්කමක්
අන්තර්ජාතික මනෝමය ගණිත තරගාවලිය

යාපනේ සිසුවකුට රන් පදක්කමක්

by sachintha
December 7, 2023 1:00 am 0 comment

මැලේසියාවේ පැවති ජාත්‍යන්තර මනෝමය ගණිත තරගාවලියෙන් යාපනයේ සිසුවෙකු රන් පදක්කමක් හා තවත් කිහිප දෙනෙකු රිදී හා ලෝකඩ පදක්කම් දිනාගෙන ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් ගෙන දී තිබේ. මැලේසියාවේ පැවති මෙම තරගාවලියට ශ්‍රී ලංකාවෙන් සිසුන් 60 දෙනෙකු සහභාගි වූ අතර ඉන් සිසුන් 24 දෙනෙකු යාපනය නියෝජනය කොට ඇත.

රටවල් 84කින් පමණ තරගකරුවන් 2500කට අධික සංඛ්‍යාවකින් A,B,C,D,E සහ F කාණ්ඩය යටතේ තරග වැදී ඇති අතර ඉන් C කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස විග්නේෂ්වරන් රුෂාන්දන් තේරී පත් වී රන් පදක්කම දිනාගෙන තිබේ. සුදර්ශන් අරුණන් (අවුරුදු 6), වෛශාලි රජීවන් (අවුරුදු 8) සහ අශ්විනි අනෝජන් (අවුරුදු 8) දෙවැනි ස්ථානය හිමිකරගෙන අති අතර, තවත් සිසුන් සිසුන් 20 දෙනෙකු තෙවන ස්ථානය ලබාගෙන ඇත.

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT