Home » වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූතියේ වසර 91ක ඉතිහාසයේ පළමු වරට සිසුවියක් ඒ 9ක් අරන්

වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූතියේ වසර 91ක ඉතිහාසයේ පළමු වරට සිසුවියක් ඒ 9ක් අරන්

by sachintha
December 7, 2023 1:00 am 0 comment

වසර 91ක ඉතිහාසයක් ඇති වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති විදුහලේ අ.පො.ස. සා.පෙළ විභාගයේ ඉතිහාසයේ පළමු වරට විශිෂ්ට සම්මාන 9ක් ලබා ගනිමින් නෙත්මි සඳලිකා සිසුවිය සමත් වී ඇති බව විදුහල්පති එච්.ඩී. ශාන්ත කුමාර මහතා පැවසීය.

එම විදුහලෙන් විභාගයට මුහුණ දුන්, සිසු සිසුවියන් 31 දෙනෙකු අතරින් 21 දෙනෙකු සමත් වී ඇති අතර, ඉන් 10 දෙනෙකු විශිෂ්ට ප්‍රතිඵල ලබාගෙන ඇති බවත්, ඒ අනුව විභාගය සමත් ප්‍රතිශතය 71%ක් බව ද විදුහල්පතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ 9ක් ලබාගත් සිසුවියගේ මවුපියන්ට ස්ථිර ආදායමක් නොමැති අතර, ඇය ආර්ථික අපහසුතා ඇති පවුලක වීම ද විශේෂත්වයකි.

විශිෂ්ට ලෙස සමත් වූ සිසුවියන් පිරිස, විදුහල්පති එච්.ඩී. ශාන්ත කුමාර මහතා, පංති භාර ගුරුවරුන් වන තිලංකා පද්මිණි හා කෝසල නුවන් මහතා සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු හා A-9 ලබා ගත් නෙත්මි සඳලිකා සිසුවිය, තම මවුපියන් වන රසික ප්‍රියංකර මහතා හා අනුරාධා ලක්මාලි මහත්මිය සමඟ.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT