184
මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය දේශීය වෛද්‍ය අංශය මෙහෙය වූ ලේ දන් දීමේ වැඩසටහන ඊයේ (06) දවස පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු අතර සහකාර ප්‍රාදේශීය ලේකම් ලහිරු තරංග විජේවික්‍රම මහතා ඇතුළු පිරිසක් ලේ දන්දීමේ යෙදුනහ.
අඹේපුස්ස යුද හමුදා කඳවුර, මීරිගම ගුවන් හමුදා කදවුර, තරුණසේවා සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා අනුබද්ධිත නිලධාරීහු මේ අවස්ථාවට එක් වූහ. රාගම රෝහලේ ලේ බැංකුව මගින් මෙම කටයුතු මෙහෙයවනු ලැබිණි.
රුධිරය පරිත්‍යාග කළ සියලු දෙනා වෙත මතක සටහනක් ලෙස පැළයක් ලබා දීමට ද මෙහිදී පියවර ගෙන තිබිණි.
කොටදෙණියාව සමූහ එම් .පුෂ්පකුමාර