Saturday, May 10, 2025
Home » අබුඩාබි ටී10 පිටියේ වැඩිම කඩුලු නුවන් තුෂාරට

අබුඩාබි ටී10 පිටියේ වැඩිම කඩුලු නුවන් තුෂාරට

by gayan
December 7, 2023 1:00 am 0 comment

මෙවර අබුඩාබි ටී10 තරගාවලියේ තරග 21ක් නිමා වෙද්දී හොඳම පන්දු යැවීම සටහන් කිරීමට ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරන වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර සමත් විය.

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දෙන නොදර්න් වොරියර්ස් පිලට එරෙහිව පෙරේදා පැවති තරගයේදී තුෂාර සිය ඕවර 2 නිමා කළේ ලකුණු 12කට කඩුලු 4ක් බිඳ දමමිනි. ඒ සමඟ පෙරේදා වන විට තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වූ චාමික කරුණාරත්න (9) අබිබවා යෑමට තුෂාරට හැකි විය. ඔහු තරග 5කදී කඩුලු 10ක් බිඳ හෙළා ඇති අතර, චාමික තරග 5කදී දවාගෙන ඇති කඩුලු සංඛ්‍යාව 9කි. මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නොදර්න් පිල ලකුණු 100ක් රැස් කළ අතර, ඩෙකෑන් පිල ඕවර 6.1කදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

ටොම් කෝලර් කැඩ්මෝර් පන්දු 19කින් වේගවත් ලකුණු 69ක් ඩෙකෑන් ඉනිමට එක් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 8ක් සමඟිනි. ඔහු පන්දු 13කින් අර්ධ ශතකය වාර්තා කළ අතර, එය මෙවර තරගාවලියේ වේගවත්ම අර්ධ ශතකය ලෙස වාර්තා අතරට එක් විය.

ලකුණු 31ක් රැස් කළ ඇන්ජලෝ මැතිව්ස් නොදර්න් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. නුවන් තුෂාර තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT