Home » චීනයෙන් බිත්තර රැක්කවීමේ නවීන යන්ත්‍ර

චීනයෙන් බිත්තර රැක්කවීමේ නවීන යන්ත්‍ර

by chanaka
December 8, 2023 4:43 pm 0 comment

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර 100 ක් බෙදාහැරීම අද (08) අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී සිදු කෙරිණී.

චීනයේ යුනාන් පළාතේ සංචාරයේදී ආග්‍රාමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව බිත්තර රැක්කවීමේ යන්ත්‍ර සීයක් චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා විසින් අග්‍රාමාත්‍යවරයා වෙත ලබාදුන් අතර එම යන්ත්‍ර කෘෂිකර්ම අමාත්‍යාංශයේ හදබිම අධිකාරිය මගින් දිවයින පුරා බෙදාහැරීම සිදුකෙරෙයි.

මෙම අවස්ථාවට සහභාගී වූ චීන තානාපති කිව් ෂෙන් හොන් මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කළේ සුවිශේෂී මිතුරෙකු ලෙස චීනය සැමවිටම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජන ජීවිතය නංවාලීම සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ගෙනයන වැඩපිළිවෙළට පූර්ණ සහාය ලබාදෙන බවයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, ජානක වක්කුඹුර, කාදර් මස්තාන්, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්, සහ චමල් රාජපක්ෂ මහතා ඇතුළු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, හදබිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි ඇතුළු පිරිස මෙම අවස්ථාවට එක්වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT