Home » ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක්

ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ඩොලර් මිලියන 200ක ණයක්

by chanaka
December 8, 2023 7:45 pm 0 comment

ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායීකරණයට සහාය දීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

කෙටි කාලීන සහ දිගු කාලීන වැඩසටහන් සඳහා කොටස් දෙකක් ලෙස මෙම මුදල හිමි වන බව වාර්තා වේ.

කෙටි කාලීන වැඩසටහන 2023 වසර තුළ ක්‍රියාත්මක කෙරෙන අතර දිගු කාලීන වැඩසටහන 2024 වසරේ සිට ආරම්භ කරන බව සඳහන් කෙරේ.

අමාත්‍යවරයා පවසන්නේ, ආර්ථිකමය වශයෙන් රට තුළ සිදු කෙරෙන දිගු කාලීන ව්‍යුහාත්මය වෙනස්කම් වෙනුවෙන් අදාළ මුදල ලබාදෙන බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය පිළිබඳ සුබවාදී අපේක්ෂාවෙන් පසු වන අතර, එය හිමි වීමෙන් පසු ජාත්‍යන්තර සංවිධානවල සහාය ශ්‍රී ලංකාව වෙත තවදුරටත් හිමි වනු ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT