Home » චීනය අභ්‍යවකාශයේ එළවළු වවයි

චීනය අභ්‍යවකාශයේ එළවළු වවයි

අස්වැන්නත් නෙළයි

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ඉදිරි අනාගතයේදි අභ්‍යවකාශ වගා සංග්‍රාමයක පෙරළියක් සිදුවීමේ පෙරනිමිති පහළ කරමින් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ගගනගාමීන් අභවකාශයේ එළවළු වගාවක් ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. චීනය විසින් පෘථිවියේ සිට කිලෝමීටර් 425ක් ඉහළින් ස්ථාපිත කර ඇති ටියාන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස කිහිපයකට පෙර වගා කළ එළවළු අස්වැන්න නෙළා ගන්නා අයුරු දැක්වෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලයට මුදා හැර ඇත. එම අභ්‍යවකාශ උද්‍යානයේ වගා කළ එළවළු අස්වැන්න නෙළා ගන්නා අයුරු සහ චීන ගගනගාමීන් ඒවා ආහාරයට ගන්නා අයුරු එම විඩියෝ පටයේ දැක්වෙයි.

සලාද, තක්කාලි ඇතුළු තවත් බීජ වර්ග 100කට වැඩි ප්‍රමාණයක් චීන ගගනගාමින් ටියාන්ගොං අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉදි කළ අභ්‍යවකාශ උද්‍යානයේ වගා කිරීම ආරම්භ කර ඇත්තේ පසුගිය මැයි මාසයේ සිටය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT