208
නෙවාඩා ප්‍රාන්තයේ ලාස් වේගාස් විශ්වවිද්‍යාලයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි ද තවත් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පොලිසිය සමඟ පසුව සිදු වූ වෙඩි හුවමාරුවකින් වෙඩික්කරු ද ජීවිතක්ෂයට පත් වූ බව වැඩිදුරටත් වාර්තා වේ.
වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා අවුරුදු හැට ගණන්වල පසුවන හිටපු මහාචාර්යවරයකු බවට හඳුනාගෙන ඇති අතර, වෙඩි ප්‍රහාරය සිදු කිරීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බව පොලිසිය ප්‍රකාශ කර තිබේ.