Home » සීෂෙල්ස් රාජ්‍යයේ දැවැන්ත පිපිරීමක්

සීෂෙල්ස් රාජ්‍යයේ දැවැන්ත පිපිරීමක්

රටටම හදිසි තත්ත්වයක්

by mahesh
December 8, 2023 1:00 am 0 comment

දැවැන්ත පිපිරීමක් හේතුවෙන් සීෂෙල්ස් රාජ්‍යයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක සිදු වූ පිපිරීමකින් සහ අධික වර්ෂාවෙන් කාර්මික ජනපදයට සහ ඒ අවට ප්‍රදේශවලට විශාල හානි සිදුවීමෙන් පසු සීෂෙල්ස් ජනාධීපති වේවල් රාම්කලවාන් මේ පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. පුපුරණ ද්‍රව්‍ය ගබඩාවක සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි ද වාර්තා වේ. පිපිරීමෙන් සිදු වූ ජීවිත හානි පිළිබඳ තොරතුරු ඊයේ පස්වරුව දක්වා වාර්තා වී නැති අතර, එරට ජනාධීපති කාර්යාලයේ නිවේදනයකට අනුව පිපිරීම සිදු වූ කාර්මික ජනපදයේ සහ අවට ප්‍රදේශයේ විශාල හානියක් සිදු වී ඇතැයි වාර්තා වේ.

සියලු පාසල් සහ ආයතන වසා දැමීමට ද පියවර ගෙන තිබේ. අත්‍යවශ්‍ය සේවකයන්ට පමණක් නිදහසේ ගමන් කිරීමට අවසර ලැබී ඇති අතර, සෙසු අයට නිවෙසින් බැහැර නොවන ලෙස රජය උපදෙස් දී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT