Home » ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවත් පුළුල් කිරීමට ඝානාව සහතික වෙයි

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික සබඳතා තවත් පුළුල් කිරීමට ඝානාව සහතික වෙයි

by mahesh
December 8, 2023 1:00 am 0 comment

මහින්ද අලුත්ගෙදර

ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශ්වික දේශපාලන සහ ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කරන බවට ඝානාව සහතික වී තිබේ. එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් රෝහිත බෝගොල්ලාගම මහතා සමඟ පැවැති සාකච්ඡාවේ දී ඝානා ජනරජයේ විදේශ කටයුතු සහ කලාපීය ඒකාබද්ධතා ඇමැති ෂර්ලි අයොකොර් බැට්ච්වේ මහත්මිය මේ බව ප්‍රකාශ කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විශේෂයෙන්ම බහුපාර්ශ්වික සංසදයේ රටවල් දෙකක් අතර ඇති විශිෂ්ට සහයෝගීතාව සිහිපත් කර තිබෙන බැට්ච්චේ මහත්මිය,දෙරටේ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සඳහා ද්විපාර්ශ්වික සහයෝගීතාව සඳහා අවස්ථා තවදුරටත් වැඩිදියුණු කිරීමේ සහ ගවේෂණය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත.

ප්‍රථම වරට ඇක්රාහි පැවැත්වෙන 2023 එක්සත් ජාතීන්ගේ සාම සාධක ඇමැති සමුළුව සඳහා තම විශේෂ නියෝජිතයා ලෙස රෝහිත බෝගොල්ලාගම මහතා යොමු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් තීරණය සම්බන්ධයෙන් සතුටු වන බවද ඇය පවසා තිබේ. රටවල් දෙක භූගෝලීය වශයෙන් හුදකලා වුවද, දකුණු – දකුණු සහයෝගීතාව, පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් යන මුල පිරීම් යටතේ දෙරටේ මැදිහත්වීම පිළිබඳව අතිශයින් සතුටට පත්වන බවද ඇය පෙන්වා දී ඇත. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය, නිදහස් ආර්ථික කලාප සහ බදු සහන මෙන්ම හිතකාමී පරිසරයක පවතින ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ විශේෂ නියෝජිතයා පෙන්වා දී තිබෙන අතර ඉදිකිරීම් කර්මාන්තය සහ නවීන කෘෂිකර්ම අංශය යන ක්ෂේත්‍රවල හවුල්කාරිත්වයන් ඇති කිරීම ද පෙන්වා දී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT