Home » රටේ යහපත මුල් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගත යුතුයි

රටේ යහපත මුල් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගත යුතුයි

by mahesh
December 8, 2023 1:00 am 0 comment

මෙරට කුමන ආණ්ඩුවක් බලයේ සිටියත්, රටේ යහපත මුල් කර ගත් විදේශ ප්‍රතිපත්තියක් ගොඩනඟා ගැනීම සහ පවත්වාගෙන යෑම අත්‍යවශ්‍ය කරුණක් බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (07) පැවසීය.

විදේශ කටයුතු, කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ යටතේ පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

විදේශ සේවය සඳහා Mid-Career Entry ක්‍රමවේදයක් ලෝකයේ දියුණු රටවල තිබෙනවා. දැන් විදේශ සේවයට තිබෙන්නේ, පහළින් ඉහළට එන ක්‍රමයක්. පෞද්ගලික අංශවලින් හෝ වෙනත් සංවර්ධන අංශවලින් හෝ, මෙම “ආර්ථික ක්ෂේත්‍රයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා” ශක්තිමත් කිරීම සඳහා, නිපුණයන්, දක්ෂයන්, ඇතුළත් කර ගැනීමේ ක්‍රමවේදයක්, අපේ රටේ විදේශ සේවය සඳහා ඇති කිරීම ගැන, මෙයට කලින්ද, කාරක සභා අවස්ථාවලදී, මම යෝජනා කර සිටියා. මේ ගැන කල්පනා කර බලන්න කියා නැවත සිහිපත් කරන්නට මම කැමතියි. රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළින්, ජාත්‍යන්තර වෙළෙඳ සබඳතා වැඩි කිරීමට අමාත්‍යාංශය තුළ වෙනම අංශයක් ආරම්භ කර තිබෙන බව මට දැනගන්නට ලැබුණා. මේ ප්‍රයත්නයන් කොතෙක් දුරට සාර්ථකව කෙරී ඇද්ද යන්න තක්සේරුවක් කර, එය වඩාත් හොඳින්, ශක්තිමත්ව ඉදිරියට කරගෙන යෑම පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීමේ වැදගත්කමද මෙහිදී මතු කරන්නට මම කැමතියි.

දැන් මාස දෙකකට අධික කාලයක් තිස්සේ, පලස්තීන භූමියට උඩින්, ගුවනින්, ඊශ්‍රායල ගුවන් හමුදාව බෝම්බ දමමින් සිටිනවා. ගාසාවේ උතුරේ ඉන්න පලස්තීනුවන් සියලුදෙනාට උතුරේ තම උපන් ගම්බිම්, වාසස්ථාන අත්හැරලා, ජීවිත බේරාගෙන දකුණට යන්න කියලා නිවේදන නිකුත් කළා. ඒ ප්‍රදේශයේ පාසල්, රෝහල්, වාසස්ථාන, ඉස්ලාමීය, ක්‍රිස්තියානි සියලු දේවස්ථාන භේදයකින් තොරව පොළවට සමතලා කළා. කන කෑම, බොන වතුර, දෙන බෙහෙත් ටික, නතර කළා. ඉන්ධන නැවැත්තුවා. පළාතම අඳුරේ තිබ්බා. අද වන විට මේ මාස දෙකකට අධික කාලය තුළ 16,000ක් මරා දමා තිබෙනවා. ඉන් සියයට 75කට අධික පිරිස, කාන්තාවන් සහ දරුවන්. ලක්ෂ ගණනක් ආබාධිතයන් වෙලා. ඇස්, හිස්, අත්, දෙපා, නැතිව ලේ හලමින් එන පුංචි දරුවන්, අම්මලා අපි සමාජ මාධ්‍ය ජාලාවලින්, අල් ජසීරා රූපවාහිනියෙන් දකිනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT