තම නීත්‍යනුකූල සැමියා විසින් බරපතළ ලිංගික අපයෝජනයක් කළ බවට බිරියක විසින් කළ පැමිණිල්ලකට අනුව සැකකාර සැමියා අත්අඩංගුවට ගැනීමට තිරප්පනේ පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පැමිණිලිකාරිය සිය සැමියා සමඟ කුලී පදනමට ගවයන් බලාගැනීමේ රැකියාව සිදු කරන බවත්, පාදයේ ආබාධයක් හේතුවෙන් ගවයන් බලාගැනීමට යෑමට නොහැකිව නිවෙසේ සිටියදී සැමියා නිවෙසට පැමිණ ප්‍රදේශයේ විහාරස්ථාන භූමියකට රැගෙන ගොස් මේ අපයෝජනය සිදු කර ඇතැයි පොලිසිය සඳහන් කළේය. රාත්‍රියේ පැමිණි සැමියා විදුලි පන්දමක්, ඇඳ ඇතරිලි දෙකක් කොට්ට දෙකක් ගෙන ගවයන් බලාගැනීමටයි පවසමින් තමා නිවෙසින් ගෙන ගිය බවත්, පසුව ගමේ පන්සලේ පරණ බුදු කුටිය පිහිටි කාමරයට ගොස් තමා අකැමැත්තෙන් සිටියදී අපයෝජනය සිදු කළ බවත් පැමිණිල්ලේ සඳහන් වේ. අධික ලෙස රුධිරය වහනය වෙමින් සිටි පැමිණිලිකාරිය 1990 ගිලන් රථයකින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවද පොලිසිය සඳහන් කළේය.