Home » ගුවන් තැපෑලෙන් ආ කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගු දැලේ

ගුවන් තැපෑලෙන් ආ කෝටි 6ක මත්ද්‍රව්‍ය රේගු දැලේ

by mahesh
December 8, 2023 1:00 am 0 comment

සුභාෂිණී සේනානායක, කටුනායක - ටී.කේ.ජී.කපිල

ප්‍රංශය, කැනඩාව හා අමෙරිකාවේ සිට කොළඹ, මහරගම හා පිළියන්දල යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයන්ගේ ලිපින වෙත ගුවන් තැපැල් මඟින් ඒවා තිබූ රුපියල් මිලියන 60කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් ශ්‍රී ලංකා රේගුවේ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් ඊයේ (07) සොයාගනු ලැබීය.

ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සීදූව ප්‍රදේශයේ පිහිටි කුරියර් භාණ්ඩ නිෂ්කාශන ආයතනයක සිදු කරන ආවේක්ෂණ රාජකාරිවලදී මත්ද්‍රව්‍ය අඩංගු වේ යයි අනුමාන කළ පාර්සල් 7ක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණවලින් අනතුරුව එම පාර්සල් කඩා පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී මත්ද්‍රව්‍ය හමු වී තිබේ. මෙම පාර්සල් විවෘත කර ඇත්තේ ද එහි සඳහන් ලිපිනයන් ව්‍යාජ බව අනාවරණය වීමෙන් අනතුරුවය. මෙම කුරියර් පාර්සල් 07 තුළ කුෂ් නමැති ගංජා කිලෝ ග්‍රෑම් 08ක්, මැන්ඩි නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 160ක්, එක්ස්ටැසී පෙති 350ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 08ක් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සොයාගනු ලැබීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT