කුරුණෑගල රෝහලට දැඩි අවශ්‍යතාවක් ලෙස පවතින සීටී ස්කෑන් යන්ත්‍රය වහා නිදහස් කිරීමට කටයුතු කරන ලෙස අදාළ අංශවලින් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) ප්‍රකාශ කළේය.
මෙම යන්ත්‍රය ගෙනැවිත් සති දෙකකට වඩා වැඩි කාලයක් ගතවන බවත් එය නිදහස් කිරීමට රේගුව කටයුතු නොකරන බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවසීය. කුරුණෑගල රෝහලට දැඩි අවශ්‍යතාවක් වන සීටී යන්ත්‍රය නැති වීම හේතුවෙන් රෝගීන් මහනුවර, කෑගල්ල, හලාවත ආදි රෝහල් වෙත යැවීමට සිදු වන බවත් මේ වෙනුවෙන් විශාල වැය බරක් දැරීමට රජයට සිදු වන බවත් ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.
එබැවින් මේ සම්බන්ධයෙන් කඩිනම් අවධානය යොමු කර එම යන්ත්‍රය වහා නිදහස් කරන ලෙස අදාළ අංශවලට දැනුම් දෙන ලෙස ද රාජ්‍ය ඇමැතිවරයා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා යොමු කරන ලද කරුණ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් විමසීමක් සිදු කළ බවයි. ඒ අනුව අදාළ යන්ත්‍රය පෙරේදා (06) දිනයේදී නිදහස් කර ඇති බවයි. එමෙන්ම එන්.එම්.ආර්.ඒ. ආයතනයෙන් හිමිවිය යුතු අවසරයක් ප්‍රමාද වීම හේතුවෙන් අදාළ උපකරණය නිදහස් කිරීම ප්‍රමාද වී ඇති බව ද වැඩිදුරටත් පැවසීය.
ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා,
කථානායකතුමනි, මේක ඉතාමත් සංවේදී කාරණයක් නිසයි මම කතා කරන්නේ. කුරුණෑගල රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රිය වී තිබෙනවා. එය සිදු වී දැන් සෑහෙන කාලයක්. ඉන්පසුව මම සෞඛ්‍ය අමාත්‍යාංශයට ඉල්ලීම් කළා. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඇණවුම් කරලා ගෙනල්ලා තිබෙනවා. දැන් සති දෙකකට වඩා වැඩියි, රේගුව එය නිදහස් කරන්නේ නැහැ. කුරුණෑගල රෝහලට එන අහිංසක ගොවිජනතාව ඒ අය යවනවා, මහනුවර මහ රෝහලට හලාවතට කෑගල්ලට. විශාල මුදලක් වැය වෙනවා මේ අය වෙනත් රෝහල්වලට යවන්න. ඒ නිසා මම රාජ්‍ය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටිනවා, මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා, කරුණාකරලා රේගුවට දැනුම් දෙන්න. මේ වෙනුවෙන් මැදිහත් වී මේ යන්ත්‍රය නිදහස් කරන්න. එය නිදහස් නොකිරීම නිසා විශාල වැය බරක් රජයට දරන්න සිදු වෙනවා. ඒ රෝගීන් වෙනත් රෝහල්වලට ගෙනියන්න.
පෞද්ගලික අංශයෙන් ඒ සීටී ස්කෑන් කර ගන්න රජයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මුදල් ප්‍රතිපූර්ණය කිරීම සඳහා වැපිළිවෙළක් හෝ හදලා දෙන්න කියා ඉල්ලා සිටිනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා,
ශාන්ත බණ්ඩාර මහතා මතු කරන ලද කාරණය සම්බන්ධයෙන් මම දැන් රේගුවෙන් චෙක් කළා. එන්.එම්.ආර්.ඒ. එකේ ලැබිය යුතු අවසරය පිළිබඳ ප්‍රමාදයක් තිබෙනවා. එම උපකරණය ඊයේ දිනයේදී නිදහස් කර තිබෙනවා.