365
වසා දමා ඇති කැළණිය විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨය, වාණිජ හා කළමනාකරණ පීඨය සහ තාක්ෂණ පීඨය අධ්‍යයන කටයුතු සඳහා ලබන සඳුදා (11) යළි විවෘත කරන බව විශ්ව විද්‍යාල පාලනාධිකාරිය පවසයි.
පසුගිය 5 වැනිදා සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු නිලධාරීන් දෙදෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධියක් මුල් කර ගනිමින් වෛද්‍ය පීඨය හැර අනෙකුත් පීඨ වසා දමනු ලැබීය.
පසුව ඊට සම්බන්ධ සිසුන් 4 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කළේය.