Sunday, May 11, 2025
Home » ටිපරයේ පිටුපස කොටස ඔසවා පාත් වෙන්නට හැර ගෙල තබා දිවි නසාගෙන

ටිපරයේ පිටුපස කොටස ඔසවා පාත් වෙන්නට හැර ගෙල තබා දිවි නසාගෙන

by mahesh
December 8, 2023 1:00 am 0 comment

අලව්ව - ජයන්ත දිසානායක

ගිරිඋල්ල, මත්තෙගම ප්‍රදේශයේ වයස අවුරුදු 66ක පුද්ගලයකු තම නිවසේ තිබූ ටිපර් රථයේ පිටුපස කොටස ඔසවා පහත් වෙන්නට හැර ඒ අතරට ගෙල තබා ඊයේ (07) 9.30ට පමණ සියදිවි හානි කරගෙන මියගොස් ඇති බව ගිරිඋල්ල පොලිසිය පවසයි.

එසේ මියගොස් ඇත්තේ රෝයල් ගාඩ්න්, මත්තෙගම බෝපිටිය ලිපිනයේ පදිංචි එච්.ඒ. ගුණවර්ධන නමැති දෙදරු පියෙකි. නිවසේ ගෙමිදුලෙහි නවතා තිබූ ඔහුගේ පුතුට අයත් ටිපර් රථයේ පිටුපස කොටස එන්ජිම පණ ගන්වා

ක්‍රියාත්මක කර එය එසවී පහත් වෙන අතරට ගෙල තබා සියදිවි හානි කරගෙන තිබේ. වෘත්තියෙන් රියැදුරකු ලෙස සේවය කළ මොහු කලක පටන් අංශභාග රෝගය වැලඳී ඊට ප්‍රතිකාර ලබමින් සිටි අර්ධ වශයෙන් සුවය ලැබූ අයකු බව පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරකෝන් මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT