Home » කෝටියක බීඩි කොළ තොගයක්

කෝටියක බීඩි කොළ තොගයක්

සැක 2ක් නාවික හමුදා අත්අඩංගුවට

by mahesh
December 8, 2023 1:00 am 0 comment

පුත්තලම අතිරේක - හිරාන් ප්‍රියංකර ජයසිංහ

රුපියල් කෝටියකට ආසන්න බීඩිකොළ තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සමඟ බිඩි කොළ කිලෝ 1230ක ප්‍රමාණයක් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන නොරොච්චෝල පොලිසියට භාර දීමට 7 දින අලුයම කටයුතු කර තිබුණි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිට නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් පසුව සැක නොසිතන අයුරින් විශාල පොහොර උර 46ක දමා රැගෙන යමින් තිබූ බීඩි කොළ තොගයක් බව කියයි.

නාවික හමුදාවට ලැබුණ තොරතුරක් මත මෙම වැටලීම සිදුකර තිබූ අතර, කලක සිට මෙලෙස මෙම ජාවාරම සිදුකර ඇති බව කියයි.

අත්අඩංගුවට ගත් බීඩි කොළ තොගය ඉදිරි විමර්ශන සඳහා සැකකරුවන් හා අත්අඩංගුවට ගත් කැබ් රථය සමඟ නොරෝච්චෝල පොලිසියට භාර දුන් බව නාවික හමුදා නිලධාරීන් පවසයි.

අත්අඩංගුවට ගැනුණ සැකකරුවන් නොරොච්චෝල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT