Home » ගණිකා මඩමක් වැටලීම මාධ්‍යයේ පළ කළැයි කතකගෙන් මාධ්‍යවේදියාට උසාවියේදී තර්ජන

ගණිකා මඩමක් වැටලීම මාධ්‍යයේ පළ කළැයි කතකගෙන් මාධ්‍යවේදියාට උසාවියේදී තර්ජන

කාන්තාව හා තවත් අයෙක් අත්අඩංගුවට

by mahesh
December 8, 2023 1:00 am 0 comment

කොටදෙණියාව සමූහ - එම්. පුෂ්පකුමාර

අත්තනගල්ල අධිකරණ භූමියේදී පසුගිය 27දා මාධ්‍යවේදියෙකුට පිහියක් පෙන්වා තර්ජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ එම කාන්තාව හා පුරුෂයා ඊයේ (7) අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවක් සහ දැනට තල්දූව ප්‍රදේශයේ පදිංචිව සිටින නිකවැරටියේ ස්ථිර පදිංචිකරුවකු බව කියන 46 හැවිරිදී පුද්ගලයෙකි.

ලිංගික සේවා සපයන ස්ථානයක් වැටලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තාවක් පළ කිරීම

හේතුවෙන් එම සිද්ධියට සම්බන්ධ කාන්තාව

මාධ්‍යවේදියාට තර්ජනය කර තිබුණි.

අධිකරණයට ගමන් කරමින් සිටි මාධ්‍යවේදියාගේ අතින් අල්ලා ගත් පුද්ගලයා කාන්තාව රැඳී සිටි ත්‍රී රෝද රථය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද ඇය අත පිහියක් තබාගෙන තර්ජනය කරණ

අවස්ථාවේ මාධ්‍යවේදියා පලා ගොස් සිද්ධිය පිළිබඳව

පොලිසියට පැමිණිලි කර තිබිණි.

සිද්ධියට සම්බන්ධ දෙදෙනා ඒ අවස්ථාවේදී ත්‍රීරෝද රථයේ නැගී පලා ගොස් තිබිණි.

සිද්ධිය පිළිබඳව පොලිස් පරීක්ෂණ පවත්වා අදාළ සැකකාරිය සහ සැකකරු මෙසේ පොලිස් භාරයට ගෙන ඇත. සැකකරු ප්‍රකාශ කර ඇත්තේ ඔහු සිද්ධිය වූ දින කුලී ගමනක් පැමිණි බව පමණක්යැයි පොලිසිය සඳහන් කරයි.

සැකකරුවන් අද 8 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව නිට්ටඹුව පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රසාද් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි නිට්ටඹුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කුමාර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT