කළුතර දිස්ත්‍රික් කුඩා තේවතු සංවර්ධන සමිති නිලධාරින් පුහුණු කිරිමේ වැඩමුළුවක් ඉකුත් දා රත්නසිරි වික්‍රමනායක ජාතික පුහුණු මධ්‍යස්ථානයේ දි පැවැත්විණි.
කළුතර දිස්ත්‍රික්කයේ කුඩා තේවතු සංවර්ධන සමිති එකසිය දහයක පමණ සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරිකවරුන් මෙම පුහුණු වැඩමුළුවට සහභාගිවිය. දිස්ත්‍රික්කයේ කුඩා තේවතු සංවර්ධන සමිති නගා සිටුවිමේ අරමුණින් මෙම පුහුණු සැසිය පවත්වනු ලැබිය. දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු ඉඩම් හිමියන්ගේ ප්‍රශ්න ගැටලු හදුනාගනිමින් සංවිධානාත්මකව තේ වගාව නගා සිටුවිම වෙනුවෙන් කටයුතු කළයුතු ආකාරය පිළිබද මෙහිදි පුහුණුව ලබාදී ඇත.
කුඩා තේවතු සංවර්ධන සමිතියක් ආරම්භ කිරිම, ගිණුම් කටයුතු සහ වත්කම් පවත්වාගන යාම, සාමාජිකයන්ගේ ප්‍රශ්න ගැටලුවලට විසදුම් ලබාදීම පිළිබද මෙහිදි පුහුණුවක් ලබාදෙනු ලැබිය.
කුඩා තේ වත් සංවර්ධන අධිකාරියේ විශ්‍රාමික සහකාර ප්‍රාදේශිය කළමණාකරු, ධම්මික අබේතිලක, විශ්‍රාමික සහකාර කළමණාකරු ( මුදල්) චන්දන බටගොඩ මහතා ඇතුළු නිලධාරින් පිරිසක් සම්පත් දායකත්වය ලබා දුන් අතර කළුතර දිස්ත්‍රික් කුඩා තේවතු සමිති සංධානයේ සභාපති චමින්ද රණවක මහතා ඇතුළු දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු සමිතිවල නිලධාරිහු මේ සදහා එක් වී සිටියහ.