කොළඹ විශ්වවිද්‍යාලයේ, විද්‍යා පීඨ, ලියෝ සමාජය, විසින් මහරගම අපේක්ෂා රෝහල සඳහා අරමුදල් රැස් කිරීම වෙනුවෙන් පවත්වන “කලණ 3.0,” සංගීත ප්‍රසංගය මෙවරත් මේ මස 12 වෙනිදා (අඟහරුවාදා) කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලා රඟහලේදී, සවස 5.30 සිට උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතය.
මෙදින Chanuka Mora ප්‍රමුඛ YAKA CREW වාදක කණ්ඩායමේ ඉදිරිපත් කිරීම් සමඟ වේදිකාව උත්කර්ෂවත් කිරීමට දිනේෂ් ගමගේ, Kaizer Kaiz සහ අශාන්‍යා ප්‍රේමදාස වැනි ජනප්‍රිය කලාකරුවන් රැසක් පැමිණීමට නියමිතයි.
ප්‍රසංගයේ ටිකට්පතක් මිලදී ගෙන හෝ අනුග්‍රාහකත්වය දැක්වීම මඟින් හෝ මේ මහඟු කර්තව්‍යයට දායක වීමට කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යාපීඨ ලියෝ සමාජය සැමට සුහද ආරාධනාවක් කරයි. වැඩි විස්තර සඳහා; සඳරු – 076 463 4612- විහංගා – 070 484 0800-අප්සාරි – 077 267 7622 ඇමතීමෙන් ලබා ගත හැකිය.