Sunday, May 11, 2025
Home » මහමඟදී ඇහින්ද මුදල් පසුම්බිය හිමිකරු අතටම

මහමඟදී ඇහින්ද මුදල් පසුම්බිය හිමිකරු අතටම

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ඉංගිරිය මධ්‍යම සමූහ ප්‍රියදර්ශනී කහවල

ඒ.ටී.එම්. යන්ත්‍ර අසළට පැමිණ ආයුධවලින් පහරදී මුදල් පැහැරගන්නා සමයක, ඒ.ටී.එම්. යන්ත්‍රයක් ඉදිරිපිට මාර්ගයේ වැටී තිබූ පසුමිබියක් මුදල් ද සමඟින් රැගෙන ගොස් පොලිසියට බාරදුන් ඉංගිරිය ජලක්‍රීඩා සමාජයේ සාමාජිකාවක් සම්බන්ධ පුවතක් ඉංගිරිය පොලිස් ස්ථානයෙන් වාර්තා වෙයි.

ඉංගිරිය, ඌරුගල පදිංචි හරිෂ්මා සෙව්වන්දි විසින් ඉංගිරිය මහජන බැංකු පරිශ්‍රය ඉදිරිපිට මාර්ගයේ තිබූ පසුම්බියක් මෙලෙස බාරදීමට කටයුතු කර ඇති අතර, පානදුර කොට්ඨාස පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිමල්සිරි මහතා යටතේ ඉංගිරිය ජල ක්‍රීඩා සමාජයේ පුහුණුව ලබා ඇති ඇය, මේ වනවිට හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයේ පිහිනුම් උපදේශිකාවක් ලෙස කටයුතු කරයි.

මාර්ගයේ වැටී තිබූ පසුම්බිය ඇහිලීමෙන් පසු එතුළ රුපියල් දහසේ නෝට්ටු එකතුවක් තිබෙනු දැක අදාළ මුදල ගණන් කිරීමක් හෝ නොකර වහාම පොලිසියට එය බාරදීමට ඇය කටයුතු කර ඇති අතර, පසුව ඉංගිරිය පොලිස් ස්ථානාධිපති වසන්ත චන්ද්‍රලාල් මහතාගේ මැදිහත්වීමෙන් පසුම්බියේ හිමිකරුට එය බාරදීමට පොලිසිය කටයුතු කර තිබේ.

“පසුම්බිය තුළ රුපියල් 6,000කට ආසන්න මුදලක් තිබූ බවත්, මුදල් හැරුණුවිට එතුළ තමාට අයත් වටිනා පුද්ගලික ලියකියවිලි රැසක් තිබූ බවත්, ඇය සිදුකළ කාර්යය කිසිසේත්ම මිල කළ නොහැකි අගනා ක්‍රියාවක් බවත්” මේ පිළිබඳව අදහස් දක්වමින් පසුම්බියේ හිමිකරු පවසා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT