කොළොන්නාව සාන්ත ජෝසප් විද්‍යාලයේ සිසුන් පිරිසක් එක්ව තත්පර 105ක කෙටි චිත්‍රපටයක් නිර්මාණය කර තිබේ.
The Music Room නැමති මෙම නිර්මාණයේ තිර පිටපත කැමරාකරණය සංගිතය සංස්කරණය රංගනය ඇතුළු සියලු කටයුතු සිසුන් විසින්ම සිදුකර ඇත.
කැමරාවක් අතින් අල්ලලාවත් නැති editing කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැති මෙම දරුවන් හට Movement Lab ආයතනයේ අධ්‍යක්ෂ ශානක බෝධියබදුගේ ඇතුළු පිරිසක් විසින් ඡායාරූපකරණය හා චිත්‍රපටකරණය පිළිබඳව දින කිහිපයක වැඩ මුළුවක් පවත්වා ඇත්තේ විදුහල්පතිනි දිප්ති මොල්ලිගොඩ මහත්මියගේ ඉල්ලීමක් අනුවය. එම න්‍යායික හා ප්‍රායෝගික දැනුම මනාව උකහාගත් දරුවෝ මෙම අපුරු නිර්මාණයට අත ගැසුවේ කවදා හෝ මෙම ක්ෂෙත්‍රයේ ප්‍රවිණයන් බවට පත්වන බවට ඉගි පළ කරමිනි.
මේ පිළිබඳව අදහස් දැක්වු විදුහල්පතිනිය
“නෙතුෂි දුව තිර පිටපත ලිව්වා. ළහිරු පුතා කැමරාකරණය කළා. පාසල් සිසුවිය ලෙස ස්වප්නා දුවත් හොල්මන ලෙස නෙහෙමත් දුවත් රගපැවා. Location එක ඉස්කෝලේමයි.
“කණ්ඩායම එකතු වෙලා හරි අපුරුවට දින දෙකක් තුළ චිත්‍රපටය නිර්මාණය කළා.
“සුමුදු මළලගොඩ, චානක විජේමුනිගේ, උදාර අබේසුන්දර, අසංක ජයවර්ධන, මහින්ද හිදදැල්ල ආරච්චි, සහ සුනෙර හේවාවසම් යන ප්‍රවිණයන්ගෙන් දරුවන් දැනුම ලබා ගත්තා.”