සත්තු මැරුවේ නෑ පොලොන්තලාව මධ්‍යස්ථානයේ ඉන්නවා
– පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ
කඩුවෙල නගර සභා බල ප්‍රදේශයේ නිදැල්ලේ සැරිසැරු ගවයින් කිසියම් පිරිසක් විසින් මස් පිණිස අල්ලා ගෙන ගොස් ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.
එලෙස ගවයින් අල්ලාගෙන ගිය පිරිස දැඩිලෙස සතුන්ට වද හිංසා පමුණවමින් යන්ත්‍ර සූත්‍ර ආධාරයෙන් සතුන් ලොරි රථවලට පටවා රැගෙන ගිය බව ද එම ප්‍රදේශවාසීහු පවසති.
මෙලෙස නිදැල්ලේ සැරිසරන ගවයින් මස් පිණිස විකිණීමට අල්ලා ගෙන යාමට කඩුවෙල මහ නගර සභාවේ නිලධාරීන් ගේ දායකත්වය ද තිබෙන බව එම ජනතාව පවසති.
අදාළ සතුන් පශු සම්පත් මණ්ඩලයේ පොලොන්තලාව මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගිය බව කඩුවෙල නගර සභාව මගින් පැවසුවත් එලෙස පොලොන්නරුවේ කිසිදු ස්ථානායකට ගවයින් රැගෙන ගොස් නැති බවට අනාවරණය වී ඇතැයි ද එම ජනතාව පවසති.
මේ සම්බන්ධයෙන් අප කඩුවෙල සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උදුගොඩ මහතාගෙන් සිදු කළ විමසීමේ දී මෙසේ කීය.
කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශයේ අයාලේ යන ගවයින් තම ගොවිබිම් වනසන බවට ගොවීන් කිහිප දෙනකු විසින්ම කඩුවෙල මහ නගර සභාවට පැමිණිලි කර තිබුණා.
නාගරික ප්‍රදේශවල ගවයින් ආදී සතුන් ඇති කරනවා නම් බදු ගෙවීමක් සිදු කර ගාල්කර තමා ඇති දැඩ කළ යුත්තේ.
මෙම ගවයින් නිසා මහජන පීඩාවක් වන බැවින් විධිමත් ටෙන්ඩර් පටිපාටියකට අනුව පෞද්ගලික ආයතනයකට මෙම ගවයින් ඇල්ලීමට අවස්ථාව ලබා දුන්නත් එම ගවයින් සියලු දෙනා පශු සම්පත් මණ්ඩලයේ පොලොන්තලාව මධ්‍යස්ථානයට භාරදීමට කටයුතු කළා.
අයාලේ සැරිසැරුව ගවයින් නව දෙනෙකු එදින අල්ලාගෙන තිබෙනවා. එම සත්වයින් නව දෙනාම හොද සෞඛ්‍ය තත්වයෙන් අදාළ ගොවිපලෙහි සිටින බවට මේ වන විට වාර්තාවක් ලැබී තිබෙනවා. කිසිම ගවයෙක් මරණයට ලක් කර නෑ.