Home » රත්මලානේ අයිස් ජාවාරමා උපාය දූතයාට කොටු වෙයි

රත්මලානේ අයිස් ජාවාරමා උපාය දූතයාට කොටු වෙයි

by mahesh
December 8, 2023 1:00 am 0 comment

දෙහිවල - ඩී පී හේරත්

අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නියුතු පුද්ගලයකු අලෙවියට සන්තකයේ තබා ගන සිටි අයිස් මිලිග්‍රෑම් 10200 ක් සමඟ රත්මලාන දුම්රියපල පාරේ දී ගල්කිස්ස දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.

සැකකරු රත්මලාන දුම්රියපළ පාර ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 45ක අයෙකු වන අතර කොළඹ ප්‍රදේශයෙන් තොග වශයෙන් රැගෙන එන අයිස් නිවෙසේ සිට පැකට් කර දෙහිවල, ගල්කිස්ස, මොරටුව, ලුනාව, පිළියන්දල, යන ප්‍රදේශවලට දීර්ඝ කාලීනව බෙදාහැර ඇති බවට මූලික විමර්ශනවලට අනුව හෙළිවී ඇතැයි ද පොලීසිය පැවසීය.

ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතා වෙත පුද්ගලික ඔත්තු කරුවකුගෙන් ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමේ දී දුරකථන ඇමතුමක් අනුව ගැනුම් කරුවකු එම ප්‍රදේශයට පැමිණෙන තුරු දුම්රියපළ පාර රැදී සිටිය දී සිදුකළ පරීක්ෂාවට අනුව සැකකරු සහ අයිස් මත්ද්‍රව්‍ය තොගය ඔහුගේ යට කලිසමේ සඟවාගන සිටිය දී පොලිස් භාරයට ගනු ලැබිණැයි ද පොලීසිය පැවසීය.

මෙම වැටලීම ගල්කිස්ස ජේෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී. පෙරේරා යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගල්කිස්ස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පැතුම් අංජන මහතාගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් 60674 මධුශංක, පොලිස් කොස්තාපල් වරුවන 34274 පියසිරි, 100430 ජයකොඩි යන නිලධාරීන් විසින් සිදුකරනු ලැබ ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT