234
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ෆෆ් ඩු ප්ලෙසිස් යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට අවතීර්ණය වීම සම්බන්ධයෙන් සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව ඔහු ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී යළි කණ්ඩායමට එක්වීමට ඉඩ ඇතැයි පැවසේ. 2021 වසරේ අවසන් වරට ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ 39 හැවිරිදි ෆෆ් ජගත් පිටියෙන් සමුගත්ත ද දේශීය ක්‍රිකට් පිටියේ සහ විදෙස් ලීග් තරගාවලිවලට ක්‍රීඩා කරමින් දස්කම් අතර සිටී.ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමුගැනීම නිල වශයෙන් ප්‍රකාශ කළ ෆෆ් ජාත්‍යන්තර සීමිත ඕවර තරගවලින් නිල වශයෙන් විශ්‍රාම ගැනීම ප්‍රකාශ කර නැත.