Home » ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඈපාසිංහ කෘතිය එළිදැක්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය ප්‍රේමසර ඈපාසිංහ කෘතිය එළිදැක්වෙයි

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු සහ ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරකයකු වන ප්‍රේමසර ඈපාසිංහ මහතාගේ චරිතාපදාන කෘතිය ‘ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ රන් ස්වරය- ප්‍රේමසර ඈපාසිංහ’ එළිදැක්වීම සහ කොළඹ නාලන්දා විදුහලේ ආදි සිසු සංගමයේ උපහාර දැක්වීම පසුගියදා නාලන්දා විදුහලේ මලලසේකර ශාලාවේදී සිදු කෙරිණි. එහිදී ආදි නාලන්දියකු වන ප්‍රවීණ මාධ්‍යවේදී අතුල රංජිත් වෙදමේස්ත්‍රිගේ මහතා විසින් රචිත එම කෘතිය ඈපසිංහ මහතාට පිළිගැන්වූ අයුරුයි මේ. එම උත්සවයේ ප්‍රධාන ආරාධිත ලෙස එක් වූ අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේමජයන්ත, නාලන්දා විදුහල්පති ඉරාන් චම්පික සිල්වා, ආදි සිසු සංගමයේ සභාපති නිහාල් පතිරගේ සහ ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ 50 වැනි තරගයේදී නාලන්දා විදුහල් පිලේ නායකත්වය දැරූ ආදි සිසු සංගමයේ හිටපු සභාපති උපුල් ගමගේ මහත්වරු ද මෙහි වෙති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT