211
අලුතින් පත්වූ ජාතික ක්‍රීඩා සභාවේ සහ ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයන්ට නිල වශයෙන් පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අතින් ඊයේ (7) සිදු කෙරිණි. එහිදී ක්‍රීඩා ඇමැතිවරයා විසින් ජාතික ක්‍රීඩා සභාවේ සාමාජික විශ්‍රාමික මේජර් ජෙනරාල් රජිත අම්පෙමොහොට්ටි මහතා වෙත පත්වීම් ලිපිය පිරිනැමූ අයුරු. ජාතික ක්‍රීඩා සභාවේ සභාපති වෛද්‍ය මයියා ගුණසේකර සහ ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්වරු රටින් බැහැරව සිටින බැවින් මේ අවස්ථාවට එක් නොවූහ.