Home » පාකිස්තාන ටැක්සි රියැදුරුගේ දෙවැනි පුතු යොවුන් පිලට
එංගලන්තයට ළාබාලතම ටෙස්ට් ක්‍රීඩකයා දායාද කළ

පාකිස්තාන ටැක්සි රියැදුරුගේ දෙවැනි පුතු යොවුන් පිලට

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ෆවුස් මොහොමඩ්

මීට වසරකට පෙර එංගලන්ත පිලේ ළාබාලතම ටෙස්ට් ක්‍රීඩකයා ලෙස වාර්තා පොතට එක් වූ 19 හැවිරිදි රෙහාන් අහමඩ්ගේ බාල සොහොයුරු 15 හැවිරිදි ෆර්හාන් අහමඩ් අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කරන එංගලන්ත යොවුන් පිලට ඇතුළත් වී සිටී.

පසුගිය දෙසැම්බරයේ එංගලන්ත පිල නියෝජනය කරමින් පාකිස්තානයට එරෙහිව සිය පළමු ටෙස්ට් තරගයට ක්‍රීඩා කරද්දී 18 හැවිරිදි වියෙහි පසු වූ රෙහාන් පාදඟ පන්දු යවන්නකු වන අතර, ෆර්හාන් පිට දඟ පන්දු යවන්නෙකි. ඔවුන්ගේ වැඩිමල් සොහොයුරු රහීම් ද ලෙස්ටර්ෂයර් ප්‍රාන්ත පිලට ක්‍රීඩා කරන වමත් වේගපන්දු යවන්නෙකි. අහමඩ් සෙහොයුරන්ගේ පියා වන නයීම් අහමඩ්, පාකිස්තානයේදී ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතව සිටි වේගපන්දු යවන්නකු වන අතර, 2001 වසරේදී එංගලන්තයට සංක්‍රමණය වීමෙන් පසු ටැක්සි රථ රියැදුරකු ලෙස රැකියාවේ නිරතව සිටී.

එංගලන්ත ජාතික ක්‍රිකට් තලයට පුතුන් දෙදෙනකුම දායාද කළ නයීම් සඳහන් කර ඇත්තේ වැඩිමල් පුත්‍රයා වන රහීම් පවුලේ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා බවය.

“මට මගේ පුත්තු තුන්දෙනා එකිනෙකාට සංසන්දනය කරන්න බෑ. ඒත් මම හිතන්නේ රහීම් තමයි වැඩියෙන්ම දක්ෂ. ඔහු වමත් වේගපන්දු යවන්නෙක් වගේම හොඳ පිතිකරුවෙක්. අවුරුදු 16දී රහීම්ගේ පාදයක අස්ථි බිඳීමක් සිද්ධ වුණා. ඒ නිසා එයාගේ ක්‍රිකට් ජීවිතය තරමක් අඩාළ වුණා. එහෙම නොවුණා නම් රහීම් ගිය අවුරුද්දේ 19න් පහළ ලෝක කුසලානය වෙනුවෙන් එංගලන්තය නියෝජනය කරන්න ඉඩ තිබුණා කියලා මට විශ්වාසයි. ඒත් එයා ආපහු දස්කම් අතරට ඒවි. අනාගතයේදී අනිත් දෙන්න වගේම එයත් එංගලන්ත පිලට ක්‍රීඩා කරාවි.” නයීම් අහමඩ් එසේ කියා සිටියේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT