Home » පැරිස් ඔලිම්පික් ආරක්ෂාවට රුපියල් කෝටි 11,421ක්

පැරිස් ඔලිම්පික් ආරක්ෂාවට රුපියල් කෝටි 11,421ක්

සේවයට හමුදාවේ - පොලිසියේ 22,000ක්

by mahesh
December 8, 2023 12:59 am 0 comment

ප්‍රින්ස් ගුණසේකර

ලබන වසරේ පැවැත්වීමට නියමිත පැරිස් ඔලිම්පික් උලෙළේ ආරක්ෂාවට පමණක් රුපියල් කෝටි 11421ක් (අමෙරිකානු ඩොලර් මිලියන 349ක්) වැය කිරීමට ඇස්තමේන්තුකොට ඇත. මෙය ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම ආරක්ෂක වියදම ලෙස වාර්තා වේ.

මෙයට දින කිහිපයකට පෙර අයිෆල් කුලුන අසල සිදුවූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ආරක්ෂක විධි විධාන වැඩි කිරීමට සිදුව ඇති අතර, ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ ආරක්ෂාව පිළිබඳව ද ප්‍රශ්න මතුවෙමින් පවතී. අයිෆල් කුළුණ අසල සිදුවූ මාරාන්තික ප්‍රහාරයෙන් ජර්මානු ජාතිකයකුගේ ජීවිතය අහිමිවී තවත් කිහිපදෙනකුට තුවාල සිදු විය.

පැරිසිය ඇතුළු ඔලිම්පික් ක්‍රීඩාංගණවල ආරක්‍ෂාවට සොල්දාදුවන්, පොලිසිය සහ පෞද්ගලික ආරක්‍ෂක භටයන් 22,000ක් සේවයේ යෙදීමට කටයුතු යොදා ඇත. ත්‍රස්ත ප්‍රහාර සමඟ සයිබර් ප්‍රහාර එල්ලවීමේ අවදානමක් පවතින හෙයින් ප්‍රහාර දෙකටම මුහුණ දීමට විශේෂ සූදානමකින් පසුවේ. ඔලිම්පික් උලෙළ පැවැත්වෙන අතරතුර යුද නැව්වලටද සීරුවෙන් සිටින ලෙස නියෝග කර ඇතැයි මාධ්‍ය වාර්තා කළේය. දැවැන්ත ආරක්ෂක මෙහෙයුමක් සඳහා සොල්දාදුවන් 15,000ක් දායක කිරීමට ප්‍රංශ හමුදාව සැලසුම් කර ඇත.

ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ලබන වසරේ ජූලි 26 සිට අගෝස්තු 11 දක්වා පැරිසියේදී පැවැත්වේ. පැරිස් ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය නැරඹීමට මිලියන හයක් පමණ පිරිසක් පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. පැරිස් ඔලිම්පික් උලෙළේ ආරක්ෂක අධ්‍යක්ෂ ලෙස බෲනෝ ලී රේ මහතා පත්කොට ඇති අතර, ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ල වුවහොත් ශක්තිමත් පද්ධතියක් සකස් කර ඇති බව හෙතෙම පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT