Sunday, May 11, 2025
Home » මහනුවර කිංග්ස්වුඩ් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා අර්ධ අවසන් පූර්ව තරගය අද
19න් පහළ දෙවැනි කොටසේ ටියර් බී

මහනුවර කිංග්ස්වුඩ් තිඹිරිගස්කටුව මාරිස්ටෙලා අර්ධ අවසන් පූර්ව තරගය අද

by mahesh
December 8, 2023 1:00 am 0 comment

ඉෂානි යද්දෙහි
නේනුක දිසානායක සහ යොහාන් ප්‍රනාන්ද

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව සංවිධාන කරන අවුරුදු 19න් පහළ දෙවැනි කොටසේ ටියර් බී එක්දින ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි අර්ධ අවසන් පූර්ව තරගය අද (8) සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මහනුවර කිංග්ස්වුඩ් විදුහල පළමු වටයේදී තම කාණ්ඩයේ අනුශූරයන් ලෙසින් මේ තරගයට පිවිසි අතර, තිඹිරිගස්කටුව මාරිස්ටෙලා විදුහල තම කාණ්ඩයේ තෙවැනි ස්ථානය හිමි කර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.

කිංග්ස්වුඩ් පිල නේනුක දිසානායක විසින් මෙහෙයවනු ලබන අතර, මාරිස්ටෙලා පිල යොහාන් ප්‍රනාන්දු විසින් මෙහෙයවනු ලබයි.

කිංග්ස්වුඩ් විදුහල් සංචිතය: නේනුක දිසානායක (නායක), කවිජ ගමගේ, අමේෂ් රූපසිංහ, නිසඳු නානායක්කාර, කෝසල රත්නායක, අබ්දුල් ෂෙරිෆ්, ගෞරංග බණ්ඩාර, කෙනුල පිහිලිඅංග, යෝසත් අබේකෝන්, නදීෂ බණ්ඩාරනායක, හසිත් ගුණසේකර, නොෂාන් පද්මසේකර, දමිත රත්නායක, රංගීත් හේරත්, පමුදිත බණ්ඩාර, රිස්වාන් රසාක්, චනුල් කොඩිතුවක්කු, සදීෂ රත්නායක, සනුක කස්තුරි, යෝජිත් හෙට්ටිආරච්චි, ඇසළ ජයරත්න මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), සුරේෂ් පීරිස් මහතා (ප්‍රධාන පුහුණුකරු), හිසර බණ්ඩාර මහතා (සහාය පුහුණුකරු).

තිඹිරිගස්කටුව මාරිස්ටෙලා සංචිතය: යොහාන් ප්‍රනාන්දු (නායක), සොනාල් නෙත්මිණ (උපනායක), ආකාෂ් රාජකරුණා, මළිඳු දිසානායක, සමෝද් අප්පුහාමි, සුවහස් නෙතුල, විශ්ව පීරිස්, රවිඳු රාජපක්ෂ, සෙනේෂ් පංචම, ශවේන් පෙරේරා, මේනුක පෙරේර . ගවින් ලියනාරච්චි, නවෝද්‍ය ප්‍රනාන්දු, සෙනුක ලියනගේ, ඔමිත් පෙරේරා, චමෝද් සන්තිස, පවන් මුතුකුඩ, ෂෙනාල් සිල්වා, අංජන ප්‍රනාන්දු, ඇන්තනි ෆ්‍රැන්සිස් සහෝදරතුමා (කණ්ඩායම් භාර ආචාර්ය), මෙවන් ප්‍රනාන්දු (ප්‍රධාන පුහුණුකරු)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT