බාලවයස්කාර දැරියකගේ ඡායාරූප අන්තර්ජාලයට එක් කිරීම මගින් ලිංගික ක්‍රියාකාරකම් සඳහා ඇය යෙදවීමට උත්සාහ කිරීම හා තවත් කාන්තාවකගේ අසභ්‍ය ඡායාරූප අන්තර්ජාලය එක් කිරීමේ චෝදනාවට වරද පිළිගත් විත්තිකරුවකුට කොළඹ මහාධිකරණය ඊයේ (8) වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කර එය වසර පහකට අත්හිටුවූයේය.
කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ විත්තිකරුට අධිචෝදනා භාරදීමෙන් අනතුරුව විත්තිකරු ඔහුට එරෙහිව ගොනුකර තිබූ චෝදනා දෙකට වරද පිළිගත්තේය.
එම චෝදනාවලට අදාළව ඔහු කළ ඉල්ලීමට අනුව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා 2 වැනි චෝදනාවට වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අතර එය වසර 5කට අත්හිට වූයේය. ඊට අමතරව චෝදනා දෙක සඳහා පිළිවෙළින් රුපියල් 2,000 සහ රු. 25,000 දඩ මුදල් නියම කළේය.
2014 ජූලි 02 සහ 11දා අතර කාල සීමාවේදී සිදු කළ මෙම වරදට 2022 වසරේ පෙබරවාරි 23දා නීතිපතිවරයා විසින්අ සභ්‍ය ප්‍රකාශන පනත සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ විත්තිකරුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබිණි.