Saturday, May 10, 2025
Home » පොලො­න්න­රුව ජාතික පාසලක සර්ගේ ගෙවත්තේ ගංජා වගා­වක්

පොලො­න්න­රුව ජාතික පාසලක සර්ගේ ගෙවත්තේ ගංජා වගා­වක්

by Gayan Abeykoon
December 9, 2023 1:07 am 0 comment

සිරිපුර - මදුශානි අබේසිංහ

පොලොන්නරුව අත්තනකඩවල ජාතික පාසලේ ආබාධිත දරුවන් සඳහා උගන්වන ගුරුවරයෙකුගේ ගෙවත්තේ වැසිකිළිය අසල වගා කර තිබු ගංජා පැළ පහළොවක් සමඟ එම ගුරුවරයා පෙරේදා (07) සවස අත්අඩංගුවට ගත් බව දියබෙදුම පොලිසිය පවසයි.

අදාළ ගුරුවරයා 34 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් වන අත්තනකඩවල ප්‍රදේශයේම පදිංචි අයෙකු බව පරීක්ෂණ සිදුකරන දියබෙදුම පොලිසිය පවසයි. දියබෙදුම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 51090 බණ්ඩාර යන පොලිස් නිලධාරියාට ලද තොරතුරක් අනුව අදාළ ගුරුවරයා, ගංජා පැළ 15ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ගංජා පැළ අඟල් 19,18,16,14 පමණ උසින් යුත් බව පරීක්ෂණ පවත්වන දියබෙදුම පොලිසිය සඳහන් කරයි. අත්අඩංගුවට ගත් අදාළ ගුරුවරයා ගංජා පැළ පහළොව සමඟ හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT